Latest News


ඊලේඛකයන්ගේ අවකාශය මඟින්ප්‍රකාශයට පත් කිරීමට නියමිත“ඊ සංකලණී” විද්‍යුත් සඟරාවේමංගල කලාපය සඳහා,පහත නීතීරීති සහ උපදෙස් වලට යටත්ව ඔබේනිර්මාණ අප වෙත ලබා දෙන ලෙසසියළු දෙනාටම ආරාධනා කර සිටිමු.
නීතිරීති සහ උපදෙස්
1.සිංහල,දෙමළ සහඉංග්‍රිසි යන ඕනෑම මාධ්‍යයකින්නිර්මාණය සිදුකල හැකි අතර,එක අයෙකුටතමන් කැමති ඕනෑම මාතෘකාවක්යටතේ නිර්මාණ එවිය හැකිය.

2.එවිය හැකිනිර්මාණ පිලිබඳව සීමා කිරීමක්නැතත් එක් ප්‍රවර්ගයකින්උපරිම නිර්මාණ තුනක් පමණක්එවීම දිරිගන්වනු ලැබේ.

3.සියළුමනිර්මාණ යුනිකෝඩ් අක්ෂරභාවිතයෙන් ලියා තිබිය යුතුය.

4.නිර්මාණයනිවැරදි අක්ෂර වින්‍යාසයෙන්සහ නිවැරදි ව්‍යාකරණ භාවිතයෙන්ඉදිරිපත් කිරීමට සෑම විටමනිර්මාණකරු වගබලා ගත යුතුය.

5.නිර්මාණඅන්තර්ගතය කිසිදු ආකාරයේවර්ග කිරීමට හෝ සීමා කිරීමටලක් නොවන අතර කැමති ඕනෑම ආකාරයේනිර්මාණයක් එවිය හැකිය.නිර්මාණකරුවා විසින් තම නිර්මාණයේඅන්තර්ගතය පිලිබඳව සියළුවගකීම් බාර ගත යුතුය.

6.අසභ්‍ය,අපහාසාත්මකහෝ සදාචාර විරෝධී අන්තර්ගතයන්සහිත නිර්මාණ ප්‍රතික්ෂේපකරනු ලැබේ.

7.නිර්මාණයේප්‍රමාණය පිළිබඳව සීමාවක්නොමැති නමුත් එය ඒ4පිටු දෙකකටසීමාවන ලෙස සකස් කිරීම පහසුවක්වනු ඇත.

8.පරිවර්තනහෝ අනුවර්තනයන් හිදී අදාලමුල් කෘතිය පිලිබඳව සටහන් කලයුතු අතර, එමපරිවර්තන හෝ අනුවර්තනය සඳහානීතිමය බාධාවන් නොවිය යුතුය.

9.නිර්මාණසියල්ලම අධීක්ෂණ මණ්ඩලයකඅධීක්ෂණයට ලක්වන අතර නිර්මාණයසඟරාවට ඇතුලත් කිරීම හෝ නොකිරීමපිළිබඳව ඔවුන්ගේ තීරණය අවසානතීරණය වනු ඇත.

10.අනුමත කලනිර්මාණ, සංස්කාරකමඩුල්ල විසින් තීරණය කරනුලබන ඊ සංකළණී සඟරාවේ ඕනෑමකලාපයක, ඕනෑමපිටුවක ඇතුලත් විය හැකි අතරඒ පිළිබඳව සංස්කාරක මණ්ඩලයේතීරණය අවසාන තීරණය වේ.

11.ඔබේ නිර්මාණමයික්‍රසොෆ්ට් වර්ඩ් ගොනුවක්ලෙස හෝ ඕපන් ඔෆිස් රයිටර්ගොනුවක් ලෙස සකස්කර එවීමටනිර්දේශ කරනු ලබන නමුදු එයඅත්‍යාවශ්‍යම නොවේ.සංස්කරණයකල හැකි ඕනෑම ආකාරයකින් ඔබේනිර්මාණය ලබාදීම සෑහෙන නමුත්පහත දෑ පිළිබඳව සැලකිළිමත්වන්න.( චිත්‍ර,ඡායාරූප,කාටූන්,චිත්‍රකථාවැනි දෑ සඳහා මෙය අදාල නොවේ).

11.1.පිටු අංකකිරීම, හෙඩර්ස්සහ ෆුටර්ස් යෙදීම,ටෙක්ට්ස්බොක්ස් භාවිතා කිරීම සහ වෙනත්එෆෙක්ට්ස් යෙදීම නොකල යුතුය.
11.2.පිටුව තීරුකිහිපයකට වෙන් කිරීම නොකලයුතු අතර තනි තීරුවක් (Onecolumn) ලෙස තිබියයුතුය.
11.3.නිර්මාණයමැද දී කුමන ආකාරයකවත් සබැඳි(links) යොදානොගත යුතු අතර,යම් ආශ්‍රේය(reference) වෙබ්අඩවි ඇත්නම් නිර්මාණයේ අගටසටහනක් ලෙස එක් කල හැකිය.
11.4.ඔබේ ලිපියසමඟ ගැලපෙන පිංතූර යොදාගැනීමටඔබට නිදහස ඇත. එමපින්තූර යොදාගැනීම සඳහා නීතිමයඅවහිරයක් නොමැති විය යුතුය.එමෙන්මපින්තූරය වඩා අකුරු යෙදීමෙන්වැලකිය යුතු අතර,IN LINE ආකාරයෙන්පින්තූරය එක්කල යුතුය.
11.5නිර්මාණයේඅග ඔබේ නම හා ඊමේල් ලිපිනයසටහන් කරන්න.

12.සඟරාවසහ එහි අන්තර්ගතයන් 'ක්‍රියේටිව්කොමන් ඇට්‍රිබියුෂන් -නන්කොමර්ෂල් -ෂෙයාඅ ලයික් ' වරපතටයටත්ව ප්‍රකාශනයට පත් කරනුලැබේ. ( වැඩිවිස්තර සඳහා:http://creativecommons.org/licenses/by-nc-sa/4.0/බලන්න).

13.ඉහතඋපදෙස් වල ආකාරයට සකස්කර ගත්ඔබේ නිර්මාණ හා ආශ්‍රිතඡායාරූප ඇතුලත්ගොනු ඇමිණුම් ලෙස එකම පණිවිඩයකඇතුලත් කර esankalani@gmail.comයනවිද්‍යුත් ලිපිනයට පහත ආකාරයටසකසා එවන්න.එක්නිර්මාණකරුවකු /කාරියකවිසින් තම සියළු නිර්මාණ එක්පණිවිඩයක ඇතුලත් කරනු ඇතැයිඅපේක්ෂා කරනු ලැබේ.
Subject:ඔබේ නම -ඔබේ නිර්මාණයේනම
නිර්මාණය,ඊට අදාලාඡායාරූප හා ඔබේ විස්තර ඇමිණුම්ලෙස එකතු කරන්න.
පණිවිඩය( message body) තුලපහත කොටස ඇතුලත් කරන්න.
"මෙමනිර්මාණය මගේ ස්වයං නිර්මාණයක්බවට සහතික වන අතර ඊ සංකළණී"සඟරාවේසංස්කාරක මණ්ඩලය විසින් තීරණයකරනු ලබන කලාපයක සහ ඊ සංකලණීබ්ලොග් අඩවියේ පළකිරීම සඳහාසඳහා මෙම නිර්මාණය ඊ සංකලණීසංස්කාරක මඩුල්ල වෙත ලබා දෙනබවද,http://esankalani.blogspot.com/p/blog-page_2.htmlහීපළවූ නීතීරිති හා උපදෙස් වලටඑකඟ බවටද මෙයින් ප්‍රකාශ කරසිටිමි.”
ඔබේනම:
දුරකථනඅංකය:
සමාජජාලා ලිපින: ( එක්පේලියක එකක් බැගින් )
වෙබ්/බ්ලොග්ලිපිනය (ඇත්නම්) :
ඔබේ උඩුකයඡායාරූපයක් :

No comments:

Post a Comment

ඊ-සංකලණි Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.
Published By Gooyaabi Templates