Latest News

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය, සාක්ෂරතාවයක් වීමට නම්

නින්දට යන වේලාවේදීත් සයනයේ අත පෙවිය හැකි දුරකින්ම ජංගම දුරකථනය තබාගෙන නින්දට යාමට තරම් සාමාන්‍ය  ජන ජීවිතය තුළට විද්‍යුත්  හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් මුල් බැසගෙන ඇති යුගයකි මේ.  රැකියා, කලා, විනෝදාංශ,  ක්‍රීඩා වැනි බොහොමයක් ක්ෂේත්‍රයන් මෙන්ම අධ්‍යාපනය සඳහාද පරිගණකය නැතිවම බැරි මෙවලමක් බවට පත්වී හමාරය. ශ්‍රී  ලංකාව වැනි " දියුණු වෙමින් පවත්නා " ලෙසින් නම් කර ඇති රටක පරිගණක අධ්‍යාපනය පිළිබඳව මදක් විමසා බැලීමට සිත්විය.

ශ්‍රී   ලංකාවේ සාක්ෂරතාවය 92% ක් වන අතර එය දකුණු ආසියාතික කලාපයේ රටකින් වාර්තාවන ඉහළම සාක්ෂරතා  අගය වේ. 2010 වන විට ශ්‍රී  ලංකාවේ පරිගණක සාක්ෂරතාවය 20% ක් පමණ විය. එය ප්‍රාදේශීය මට්ටමින් සැලකූ විට නාගරික ප්‍රදේශයන්හි 31%ක් හා ග්‍රාමීය ප්‍රදේශයන්හි 19%ක් සේ විය. සංඛ්‍යාත්මකව මෙසේ දැක්විය හැකි වෙතත් ප්‍රායෝගික මට්ටම සලකා බැලීමේදී පරිගණක භාවිතය මෙන්ම  පරිගණක අධ්‍යාපනයද තදාසන්න නගර වලටම සිමාවී ඇති ආකාරයක් මනාව  නිරීක්ෂණය කළ හැකිය.

විදේශාධාර ව්‍යාපෘතීන් යටතේ, බොහෝ පාසල් වලට  පරිගණක හෝ පරිගණක විද්‍යාගාර ලබාදී තිබුණත් එමගින් සාධනීය සේවයක් ඉටු වන්නේද? එම පරිගණකාගාර මගින් සාධනීය සේවයක් ලබා ගැනීමට නම් ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේදයන් කවරේද ? එසේම පාසල් වලට අමතරව වෙනත් පරිගණක මධ්‍යස්ථාන මගින්ද පරිගණක දැනුම ලබාදෙයි. මේ රැකියා අරමුණු කරගනිමින් පව්ද්ගලික ආයතන මගින් පවත්වාගෙන යනු  ලබන පරිගණක පාඨමාලාවන්ට අමතරවය.

පරිගණක සාක්ෂරතාවය හා පරිගණක අධ්‍යාපනය ගැන සැලකීමේදී පාසැල් සිසුන්ගේ පරිගණක අධ්‍යාපනය, උසස් අධ්‍යාපනයේදී, රැකියා කටයුතු සඳහා මෙන්ම වැඩිහිටි අධ්‍යාපනය තුළ පරිගණක භාවිතය වැනි ක්ෂේත්‍ර සමුදායක් සැලකිය යතු වන අතර මෙම ලිපියෙන් ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය පිළිබඳව  අවදානය යොමු කෙරිණි.     

පරිගණකාගාර සහිත පාසැල් විශාල සංඛ්‍යාවක් ඇතත්, බොහොමයක් පාසැල් වලට පරිගණකාගාරයක් යනු සිහිනයක් පමණකි. දිවයින පුරා එක ලෙසට පරිගණක සාක්ෂරතාවයක් පවත්වා ගෙන යාමට නම් දිවයිනේ සෑම ප්‍රදේශයකම පාසැල් වලට  පරිගණකාගාර ලබා දිය යුතුය. එසේම දැනට පවත්නා පරිගණකාගාර වලින්ද උපරීම ඵල නෙලා ගැනීමට කටයුතු කළ යුතුය. පවතින පරිගණකාගාර වල උවද අධ්‍යාපන සඳහා සුදුසු විෂය නිර්දේශයන්. එම විෂය නිර්දේශයන් ඉගැන්වීමට  අවශ්‍ය මෘදුකාංග, පරිගණක භාෂා යනාදිය, අන්තර්ජාල පහසුකම් නිසි පරිදි ඇති බවක් දැකිය නොහැකිය.

පරිගණක සාක්ෂරතාවය යටතට ගැනෙන්නේද  මුලිකව පරිගණකයක් භාවිතා  කිරීමේ හැකියාවය. එයට සරලව ms office හා අන්තර්ජාලය භාවිතා කිරීමේ හැකියාව වුවද සැලකේ. එහෙත් පාසල් අධ්‍යාපනය තුළ පරිගණක ඉගැන්වීම මෙම මුලික දැනුමට පමණක් සිමා නොවිය යුතුමය.

අද වැඩිහිටියන්ට සාපේක්ෂව,  තරුණ  පරපුර මෙන්ම පාසැල් සිසුන් පවා සිතන්නේ තමන් පරිගණක දැනුම ඇතියවුන් ලෙසින්ය. එහෙත් මදක් පරික්ෂකරිව විමසා බැලූ විට පෙනී යන්නේ අන්තර්ජාලයේemail, සමාජ ජාලා (face book, Twitter),  Ms word, Ms excel, ms powerpoint හැරුණු විට ඇත්තේ ඉතා මද දැනුමක් බවය. එම දැනුම උවද මැනවින් නිරීක්ෂණය කිරීමේදී, විධිමත් ආකාරයට ලැබී ඇති බවක් හෝ ලබා ගෙන ඇති බවක් නොපෙනේ. ලිපියක පේළි  කිහිපයක් යතුරුලියනය කිරීමේදී පවා යතුරුපුවරුවේ අකුරු ඇති තැන් සොයනුද දැකිය හැකිවේ.  බොහෝ විට ජංගම දුරකථන වල ස්පර්ශයෙන් යතුරු ලියනය කිරීමට පුරුදුවී සිටීමද මෙයට එක හේතුවක් වේ.   

පාසැල් පරිගණකාගාර අතුරින් අන්තර්ජාල පහසුකම් ඇති ප්‍රමාණයද 7%ක් පමණය. තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට නම් අන්තර්ජාල පහසුකම් තිබිය යුතු වෙනවා  මෙන්ම, අන්තර්ජාල භාවිතයේ අනිටු බලපෑම් වැලැක්වීමට ද පියවර ගත යුතුවෙයි. අන්තර්ජාල භාවිතයේ හොඳ මෙන්ම නරක ප්‍රථිපල පිළිබඳවද පාඩම් මාලා තුළින්ම සිසුන් දැනුවත් කරවීමේ හැකියාව තිබේ. ජාල කරණය කළ පරිගණක පද්ධති තුළ සිසුන්ට වෙන් වෙන් වශයෙන් භාවිත නාම ලබාදීමෙන් පාසැල් කාල  පරිච්ඡේද තුළදී  අන්තරජාලය සිසුන් විසින් අනිසි ලෙස භාවිතා කිරීමේ පියවර ගත හැකිය. 

පසු ගිය කල වකවානුවේ තොරතුරු තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමට තරමක බාධාවක් වූයේ සාමාන්‍ය  ජනයාගේ මෙන්ම සිසුන්ගේද භාෂා දැනුමයි. බොහෝ විට ඉංග්‍රීසි භාෂා ගුරුවරුන් පරිගණක ගුරුවරුන් ලෙස කටයුතු කිරීමටද මෙය හේතුවක් වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. මේ වන විට යුනිකේත ක්‍රමයෙන් සිංහල මෙන්ම දෙමළ භාෂාවන්ද අන්තර්ජාලයට එක්වී ඇති නමුත් තවමත් සිංහල පරිගණක අක්ෂර මෙන්ම සිංහල යුනිකේත භාවිතා කරන්නේද අඩු ප්‍රමාණයකි. මේ පිළිබඳ දැනුමද පාඩම් මාලාවන්ට එක් කළ යුතුමය.  

මේ කරුණු පිළිබඳව සලකා බැලීමේදී පරිගණක අධ්‍යාපනයේදී සාධනීය සේවයක් ඉටු කළ හැකි ගුරුවරුන්ගේ සේවය අත්‍යවශ්‍ය වේ. බොහෝවිට පාසැල් වල පරිගණක අධ්‍යාපනයෙහි නිරත වන්නේ විධිමත් පරිගණක අධ්‍යාපනයක් ලැබූ ගුරුවරුන් නොවේ. බොහෝ විට වෙනත් විෂයක් සඳහා සුදුසු කම් ලැබූ ගුරුවරයෙකි. විටෙක ඉංග්‍රීසි භාෂාව සඳහා සුදුසුකම් ගුරුවරයෙකි.. නියමිත විෂය නිර්දේශයන් ඉගැන්වීම සඳහා මනාව පුහුණුව ලැබූ, එසේම අන්තරජාල හා ජාල පද්දති පිළිබඳවද අවබෝධයක් ඇති ගුරුවරුන් අවශ්‍යම වේ.

පරිගණක සාක්ෂරතාවය ගැන විමසීමේදී වැඩිහිටි අධ්‍යාපනය කෙරෙහිද යොමු විය යුතුමය. වෙනත් විෂයක් මෙන් නොව, පරිගණක තාක්ෂණය දෙසට නව පරපුර වහා යොමුවන තරමටම වැඩිහිටි එමෙන්ම කාන්තාවන් නව තාක්ෂණයට ඇති බිය නිසාවෙන්දෝ පරිගණකයට සමීප වීමට මැළි කමක් දක්වන බවක් පෙනේ. එහෙත් පරිගණයේ එදිනෙදා භාවිතයේ  අනිසි බලපෑම් වැලක්වීමට නම් වැඩිහිටියන්, විශේෂයෙන්ම කාන්තාවන්, මව්වරුන් පරිගණක භාවිතය පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත්ය. ප්‍රාදේශීය පරිගණක මද්‍යස්ථාන මගින් හෝ වැඩිහිටියන් හා කාන්තාවනටද මුලික පරිගණක දැනුමක් ලබාදීමට කටයුතු කළ  හැකිනම් සුදුසු යයි හැඟේ.

මේ ආකාරයට විධිමත් පරිගණක අධ්‍යාපන ක්‍රියාවළියක් සඳහා අදාළ අංශවල ඉහළ සිටම ක්‍රියාත්මක විය යුතු උනත්, තම තම හැකියාවන් අනුව පාසැල් හා අනිකුත් පරිගණක මධ්‍යස්ථාන ප්‍රධානීන් හා ආචාර්යවරුන්  තිබෙන සම්පත් වලින් උපරිම ඵල නෙලා ගැනීමටත්, එසේම අදාළ අංශවල ඉහලම තලයේ සිට මෙම කරුණු පිළිබඳවද අවධානය යොමු කරමින් සුදුසු  පරිගණක අධ්‍යාපන ක්‍රියාවලියක් මෙන්ම සම්පත් බෙදා හැරීමේ හා කළමනාකරණය කිරීමේ පිළිවෙතක්ද ක්‍රියාත්මක කළහැකි නම් ඉතා අගනේය.

No comments:

Post a Comment

ඊ-සංකලණි Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.
Published By Gooyaabi Templates