ලක්මිණි. කාක
නිල්පැහැ නෙත් යොමා ඉදිරිපස කාමරය දෙස බැලුවාය. අන් අයට නොදැනෙනසේ. දොර.
වසා තිබිණි. දොරට
ඉදිරියෙන්. සෝපාවක් විණි. ආනයනය කරන ලද. සෝපාව මත. කිසිවක් නොතිබුණේය.
කිසිවෙක් නොසිටියේය.
ලක්මිණි. සිය
මේස ලාච්චුවෙහි වූ තුවාය ගත්තාය. සුදු පැහැ. අඩි එකහමාරක් දිග. අඟල් දහඅටක් පලල. නැගිට්ටාය.
ලැසිගමනින් ඇවිද ගියාය. සේදුම් කාමරය වෙත. බිත්ති කොනක වූ කැමරාවට පිටුපා.
ලක්මිණි. සේදුම් කාමරය
මැද සිටගෙන සිටියාය. දිග කණ්නාඩියෙන් සිය රුව බලමින්. පිටෙහි එතී ගිය
රතු පැහැ බ්ලව්සය සකසමින්. ඉන්පසු. වටොර මත රැළි වැටුණු කළු පැහැ කලිසම නිවැරදි
කරමින්. අනතුරුව. මුහුණ
සේදුවාය. තුවායෙන් ලැම වසාගෙන. වතුර වැටෙතැයි බියෙන්. මුහුණ
පිස ගත්තාය. ඉදිරියට නවාගෙන. දියබිඳු බිමට වැටෙන සේ. තොල්
ආලේපන ගැල්වූවාය. රතු පැහැ කූරක් කලිසම් සාක්කුවෙන් ගෙන. තොල් ගිලගත්තාය.
ආලේපය සමව පැතිරෙන සේ. දුඹුරු පැහැ පැන්සලක් ගත්තාය. කළු පැහැ
තුඩක් ඇති. දෙතොල මායිම් ලකුණු කලාය. යලිත්
කණ්නාඩියෙන් සිරුර බැලුවාය. මුහුණ බැලුවාය. අවුල්ව ගිය කෙස් සකසාගත්තාය.
ලක්මිණි. සේදුම්
කාමරයේ දොර හැරියාය. ලැසිගමනින් ඇවිද ආවාය. තම අසුන වෙත.
බිත්තියෙහි
වූ කැමරාවට මුහුණ ලා.
දොර. විවර
වූයේය. කාමරය තුලවූ අමුත්තන් පිටවූයෝය.
ලක්මිණි. තමා
කලින් සකසාතබාගත් ලිපි ගොනුව අතට ගත්තාය. ඉක්මන් ගමනින් කාමරය වෙත ගියාය.
ඊට පිටින් නැවතුණාය. සෝපාවෙහි හිඳගත්තාය. ඉදිරිපසින් වූ කැමරාවට ඉදිරියෙන්. ලිපිගොණුව.
ඉදිරියෙන් වූ කෙටි මේසය මත තැබුවාය. කැමරාව දෙස හොරැහින් බැලුවාය. කළු
පැහැති කලිසම සැකසුවාය. තත්පර පහලවක්. රතු පැහැති බ්ලව්සය
සැකසුවාය.
තත්පර හතලිස්පහක්. නැගිට්ටාය. දොර වෙත ගියාය. තෙවරක් තට්ටු
කලාය. මැදඟිල්ලෙහි දෙවෙනි පුරුකින්.
බොස්. දකුණු
පස වූ පරිගණක තිරයෙන් ඇස් ඉවතට ගත්තේය. ඉදිරිපස වූ ලැප්ටොප් පරිගණකය කරකැවීය.
දකුණට. අංශක අනූවක්. ඉන්පසු තල්ලු කලේය. දකුණටම. අඩි එක හමාරක්. අනතුරුව. හිස
එසවීය. තරමක් බැරෑරුම් මුහුණක් හදා ගත්තේය. “ කම් ඉන්“ යැයි
හඬ නැඟීය.
****************************************************************
ලක්මිණි. දොර
විවර කලාය. ඇතුලට ආවාය. ආපසු හැරුණාය. දොර අගුල් දැමුවාය. සිනාසීගෙන
බොස් දෙස හැරුණාය.
බොස්. “ වාව්...!
රෙඩ් ඇන් බ්ලැක් ලේඩි...! වට් අ නයිස් සිලෙක්ෂන්...!“ කීවේ
නැත. “ යර්ස්
ලක්මිණි.....! වට් ඊස් ද මැටර්...?“ යැයි ඇසීය. වෙනසක්
නැතිවම. රාජකාරි ස්වරයෙන්ම. වෙනත් සේවකයකුට කථා කරන්නාක් මෙන්ම.
ලක්මිණි. තරමක්
පසුබා ගියාය. පැකිළුණාය. වික්ෂිප්තව මෙන් බොස් දෙස බැළුවාය.
“ ෂෝ මී ද ෆයිල් ....?“ බොස්. ලක්මිණි
අපහසුතාවයෙන් බේරා ගත්තේය.
ලක්මිණි. සිය
අතෙහි වූ ලිපි ගොනුව බොස් වෙත පෑවාය.
බොස්. ලිපිගොණුව
පෙරලීය. හිස් පිටුවක් ලඟ නැවතුණේය. හරහට ඉරි හතරක්ද, දිගට ඉරි තුනක්ද
ඇන්දේය. ඒවා එකිනෙක යා කලේය. සිග් සැග් රටාවකින්. “ කරෙක්ට් දෙම් ඇන්ඩ්
බ්‍රින්ග් මි බැක්....!“ වෙනසක්
නැතිවම. රාජකාරි ස්වරයෙන්ම. වෙනත් සේවකයකුට කථා කරන්නාක් මෙන්ම.
ලක්මිණි. ලිපිගොණුව
ගත්තාය. ආපසු හැරුණාය. දොරෙහි අඟුල් හැරියාය. දොර හැරියාය. කාමරයෙන් එලියට ආවාය. ඉක්මන්
ගමනින් තම මේසය වෙත ආවාය. තනිව දොඩමින්. මුහුණ කළුව. නෙත් රතුව.
******************************************************************
බොස්. පරිගණකය
තමා වෙතට ඇද ගත්තේය. අංශක අනූවක් කැරකීය. වමට. තිරයට
උඩින්වූ කැමරාවට එබුණේය.
“ දැන්වත් විශ්වාසද එක එකා කියන කථා බොරු කියලා.....!“
බොස්. පරිගණකය
වසා දැමීය. දුරකථනය
අතට ගත්තේය. රිසීවරය කනෙහි තබාගත්තේය. අංක තුනක් එබීය. කටහඬ
අවදි කලේය. අනෙක් පසින් ප්‍රතිචාර ලැබෙත්ම.
“ වාව්...! රෙඩ් ඇන් බ්ලැක් ලේඩි...! වට්
අ නයිස් සිලෙක්ෂන්...!”
අනිල් හේරත්
https://www.facebook.com/anilherath
No comments:
Post a Comment