Latest News

කුහුඹු පා දුටිමි..






කුහුම්බුවෙකි පොත මත
කියවිය නොහැක මට
දුවයි අකුරු උඩ
මසිත වෙනුවට,
ඌ ..
දෙමි උට හොඳ
හයේ පහරක්!!
 

කුහුඹුවා මේසය මත
උගේ කඩිසර ගමන නැත
සුසුම් ලයි ඌ ..
කුහුඹු පා බිඳී ඇත.

දිවියකට වැඩිය පොත මට වටින්නේ
කවදා සිටද?
දකිමි මසිත,
සැනෙන්
පරස්පර සිතිවිලි හටගැනෙන!!

පබැඳුම ~ඉන්දීවරී රත්නායක

No comments:

Post a Comment

ඊ-සංකලණි Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.
Published By Gooyaabi Templates