Latest News

පව්කාරිය හා නාඹර උවන



පව්කාරිය

වීර ලෝහිත කඳුළු මුසු කොට
විකුම් පෑ බිම පුදන මෙහෙවර
නිමි සුසුම ගෙන ආදරෙන් බැඳ
නිමල දැරියක මතට ලුව මැන.....!

සිහින දහසක සොඳුරු ගෙත්තම
මලවි සරයෙන් ගොතන දැරිවිය
රුදුරු අරණක තැනුණු විජිතය
ඔටුනු ලන් පව්කාර කුමරිය.....!

හැඟුම් දහසක බරට යටවුන
බොළඳ ඉකියක මොට කිකිණි සර
කඳුළු බිඳුවක ලෙසට වෙස් බැඳ
ලපටි නෙතු අග අරක් ගනු ඇත....!

නැවුම් සිහිනෙක කිකිණි නංවන
සොඳුරු ගෙත්තම යලි ගොතන්නට
අවි දරා දිවි පිදූ නාමෙට
මලවි සරයක වරම දුන මැන...!



 



නාඹර උවන

නා දළු අදර නැළවෙන රන් සොමි                                  උවන
සමුදුර සදිසි නිල් නෙතු ගෙත්තම්                               කෙරුන
රන් මිණි කිකිණි සරයක දැහැනට                                 බැඳුන
හැඩවෙන අරුම දුටු නෙතු යදමින                                 බැඳුන























තීක්‍ෂණ රත්මලවින්න 


No comments:

Post a Comment

ඊ-සංකලණි Designed by Templateism.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.
Published By Gooyaabi Templates